ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලා කර ඒ වෙනුවට රන් භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු තවත් දෙදෙනෙකු සමඟ එක්ව මෙලෙස ව්‍යාජ මැණික් කැට පෙන්වා ඒ වෙනුවට වටිනා රන් භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල සහ කළුතර ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීටියාගොඩ , නින්දාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වන අතර ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රන්මාල 2ක් , රන් වළලු 2ක් සහ රන් මුදු 2 ක් ද සොයා ගත් බව සඳහන් වේ.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදු කරන බවත් , අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.














































