දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යාජ මධ්‍යසාර ස්ටිකර් විමර්ශණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එම සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත තරාතිරම නොබලා දඩුවම් කිරීමට සූදානම් බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.














































