2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංසරණ ගාස්තුවක් පැනවීමට හැකිවන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි පනවනු ලැබ ඇත.
එකී රෙගුලාසි පසුගිය කාල සීමාවේ සංශෝධනය කර නොමැති බවද රජය පවසයි.
බැවින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එකී රෙගුලාසි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි වශයෙන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.
එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.