පොළොන්නරුව – දියබෙදුම , 5 කණුව ප්‍රදේශයේ මාර්ගයේ ශරීර සුවතා කරමින් සිටි තිදරු පියෙකුට අද (07) උදෑසන එල්ල වූ වන අලි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ශරීර සුවතා සඳහා නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරට ගමන් කරමින් සිටියදී ඇළ මාර්ගයක් අසලදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබෙන බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දියබෙදුම – කටුකෙළියාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකි.
මෙම වන අලියා සම්බන්ධයෙන් දියබෙදුම වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් දැනුවත් කළ ද අලියා එළවීමට කටයුතු නොකළ බවට ප්‍රදේශවාසීන් ද චෝදනා කරයි.