බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් දෙදෙනා පරසන්ගස්වැව සහ වටවල පොලිස් ස්ථාන වලින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දාහතර හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා රොසැල්ල වූඩ්ස්ටොක් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රඹෑව සදමල්ගම ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයා නව හැවිරිදි සිය දියණිය අපයෝජනය කිරීමේ චෝදනාවට පරසන්ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.