සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කළ ද පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම්. ෆවුසි මහතා ‘දිවයින’ට ඊයේ (7) දින පවසා ඇති බව වාර්තා වේ.
පක්‍ෂයට එරෙහිව තමා කළ ප්‍රකාශ අනුව විනයානුකූල පරීක්‍ෂණයන් පවත්වන බවට මාධ්‍යයෙන් දැනගත් නමුත් මේ වෙනතුරුත් සමගි ජනබලවේගයේ නායකත්වය තමාට එවැන්නක් ලිඛිතව දැනුම්දී නැතැයි හෙතෙම කීවේය.
තමාව පක්‍ෂයෙන් ඉවත් කළහොත් තව යන්නට තැන් තිබෙනවා යැයි ද ෆවුසි මහතා කීවේය.
නෝමන් පලිහවඩන
උපුටා ගැනීම දිවයින














































