මහනුවර , මැණික්හින්න පදිංචි පුද්ගලයෙකුගේ වාහනයක් HNB ෆිනෑන්ස් ආයතනය විසින් මහනුවර පොලීසියේ පැමිණිල්ලක් යොදා මංකොල්ල කා වාහනයද රැගෙන ගොස් තිබේ.
මෙසේ මංකොල්ල කා තිබෙන්නේ අංක 3, පොලීසිය පාර, මැණික්හින්න ලිපිනයේ පදිංචි එම්. ජී.එස්.පී ධර්මවර්ධන යන අයට අයත් CP LG 2368 දරණ ලොරි රථයයි.
මෙම ලොරි රථය මහනුවර තැන්නකුඹුරේදී බලෙන් ලබාගෙන, එහි තිබූ මෙට්ට පමණක් මහනුවර , හිල්වුඩ් මාර්ගයට විසිකර දමා එහි තිබූ රියදුරු බලපත්‍රය සහ රුපියල් 75000 ක මුදලක්ද ඔවුන් රැගෙන ගොස් තිබේ.
මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ඔහු මහනුවර පොලීසියට උදෑසන ගොස් තිබෙන අතර එම පැමිණිල්ල බාරගැනීම පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පුද්ගලයා අප ආයතනයට කතා කිරීමෙන් පසු අප ඔහුව දුරකථනයේ තබාගෙන නැවත වරක් මහනුවර පොලීසියට යවන ලදී.
එහිදී, සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් කතා කරන ආකාරය, ඔවුන්ගේ හැසිරීම ඉතාම ඛේදනීය වේ.
පොලීසිය තුළ පැමිණිලි යොදාවත් වාහන අත්පත් කරගත නොහැකි බව පසුගිය කාලවකවානුව තුළ පොලිස්පතිවරයාද විවිධ නියෝග පවා පනවන ලදී.
ශ්‍රී ලංකා පොලිසියේ මහනුවර අද (17) අදාළ රාජකාරිවල සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් රටේ නීතිය නොදැනීම පිළිබඳව අපගේ බලවත් කනගාටුව පලකරන අතර අප මේ පිළිබඳව මහනුවර 0812233004 පොලිස් අධිකාරි කාර්යාලය අමතා දැනුම් දීමෙන් අනතුරුව, පැමිණිල්ල භාරනොගත්තේ නම් එම කාර්යාලයට පැමිණ පැමිණිලි කරන ලෙසද දන්වන ලදී.
මනුෂ්‍යත්වයේ නාමය මෙන්ම අසරණ මිනිසෙකු, රටට බරක් නැතිව කුඩා ව්‍යාපාරයක් කරගෙන ජීවත්වන මිනිස්සු පමණක් නොව, ඕනෑම පුරවැසියෙකු පොලිසියට යන්නේ අසරණ වු විටය. ඔවුන් තව දුරටත් පීඩාවට ලක්කර බලවතුන් වෙනුවෙන් පමණක් පෙනී සිටීමට හැකි ලෙස පොලිස් පනත සකසා නැති බව මෙවන් දුෂිත පොලිස් නිලධාරීන්ට ඉගැන්වීමත් පොලිස් පුහුණුවීම්වලදී සිදු විය යුතුය. මෙසේ වාහන අත්පත්කර ගැනීමම නීතිවිරෝධී වන අතර සියලු සිද්ධීන් වලට එරෙහිව මහනුවර පොලිසිය නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව අප අවධියෙන් ..














































