යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවට චුන්නාගම් පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් නිවස තුල සිටි මව, පියා, පුත්‍රයා සහ දියණියන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව සදහන්.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභ හානි සිදුකොට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් නිවස තුල සිටි පස්දෙනකු ඉන් තුවාල ලබා රෝහලට ඇතුළත් කොට ඇති බවත් පොලීසිය ප්‍රකාශ කර තිබේ.
යතුරු පැදි කිහිපයකින් පැමිණ නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පිරිස නිවස අසල නවතා තිබූ ත්‍රීරෝද රථයට පහරදී අලාභ හානි සිදුකොට ඇති අතර පසුව නිවැසියන්ගේ ශබ්දය හේතුවෙන් නිවසට පහරදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් පොලීසිය පවසයි.