ඉතාලියේදී දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මොවුන් අධිවේගී දුම්රියේ ගැටෙන විට උතුරු ටියුරින් නගරය අසල ධාවන පථයක කොටසක් ප්‍රතිස්ථාපනය කරමින් සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Brandizzo හි නගරාධිපති Paolo Bodoni ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි දුම්රිය සේවය සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර තිබේ.
කම්පනයට පත් වූ දුම්රිය රියදුරුට එම ස්ථානයේ ගිලන් රථයක් මගින් ප්‍රතිකාර ලබා දී ඇති අතර වෙනත් කිසිදු හානියක් ඔහුට සිදු වී නොමැති බව සදහන්.















































