සෑම ජනාධිපතිවරණයකටම මුදල් රැස් කරන්නේ පිටි සමාගම් බවත් , පාන් පිටි මිල ඉහළ දමා ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුව ඇති නිසා බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“ලෝක වෙළෙඳපොලේ තිරිඟු පිටි අඩු වෙමින් තිබියදී තිරිඟු ඇට අඩු වෙමින් තිබියදී ඩොලරයේ අගය අඩු වෙමින් තිබියදී පිටි සමාගම් ඒ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්නේ නැහැ. මම දන්නවා ජනාධිපති ඡන්දයේදී අරමුදල හදන්නේ මේ අයගේ සල්ලිවලින්. ඒ නිසා මේ සමාගම්වලට වෙන ආකාරයෙන් මුදල් උපයා ගන්න අවස්ථාව දෙනවා. මේක තමයි තියෙන එකඟතාව. මේගොල්ලන් හැම ජනාධිපති ඡන්දයකටම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය. එළැඹෙන ජනාධිපතිවරණයට අරමුදල් එකතු කිරීමට සිදුවී ඇති නිසා තමයි පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට දීමට සිදුවී තිබෙන්නේ. මේ ගැන පිළිතුරු දීමට අගමැතිතුමාට සභානායකතුමාට අපහසුවක් තියෙන බව මම දන්නවා.”














































