තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු වූ පමනින් බේකරි නිෂ්පාදනවල මිල ගණන් නැවත අඩු කළ නොහැකි බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීමට එම තිරිගු පිටි සමාගම් සිය සංගමයට පොරොන්දු වූවත් එහි මිල අඩු කළේ රුපියල් 10 කින් පමණක් වන නිසා බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා වැඩි දුරටත් සදහන් කර තිබේ .