ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කල බවට වාර්තා වේ.
බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර මෙම තත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවට එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.














































