ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඊයේ (22) එම සභාව රැස්වූ අවස්ථාවේ කෙටුම්පත භාර දී ඇත්තේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට පත් කළ ක්‍රියාකාරී කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න විසිනි.
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පවතින අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අදහස්ද මේ සඳහා ලබා ගැනීම සුදුසු බවට එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර තිබේ.














































