තංගල්ල මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්‍රදේශයේ මුහුදේ අනතුරුදායක ස්ථානයක ඊයේ (24) සවස දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් සහ ඇගේ පෙම්වතා දියේ ගිලී ඇති බව වාර්තා වේ.
පසුව ප්‍රදේශවාසීන් එකතුව දියේ ගිලෙමින් සිටි එම කාන්තාව සහ පුද්ගලයා බේරාගෙන ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.
එහිදී කාන්තාව මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පෝලන්න ජාතික කාන්තාවකි.
ඇයගේ මෘත ශරීරය තංගල්ල රෝහලේ තැම්පත් කර ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































