හවායි හි මාවි දුපතේ පැතිරී යන ලැව් ගිනි හේතුවෙන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ .
වේගයෙන් හමායන සුළඟ හේතුවෙන් හානිය වැඩිවී ඇති බවත් , ගින්න වේගයෙන් එම ප්‍රදේශයන්හි පැතිරී යන බවත් සඳහන් වේ.
එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ මේ වනවිට එහි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් , එම දූපත තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් , දූපත්වාසීන් විශාල පිරිසක් ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑමට බලධාරීන් කටයුතු කර තිබෙන බවත් ය.















































