පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනා වලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබූ අතර එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පෙත්සම අද (04) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වේ.













































