රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලඹේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ද කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසදුමක් වශයෙන් ද කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සදහා රජය තීරණය කර ඇති බවත් ඒ සදහා විකල්ප යෝජනා ලබා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රයක්ද නිකුත් කළ බවත් වාර්තා වේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම දුම්රිය සේවාවෙන් මගීන්ට කාලයත් මුදලුත් ඉතිරි කර ගත හැකි බවයි.














































