ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ තිබී අතුරුදහන් රුපියල් ලක්ෂ 50 පිළිබඳව කොටුව පොලිසියට ලද පැමිණිල්ල විමර්ශණයට කොටුව පොලිසිය අද (12) පෙරවරුවේ මහ බැංකුවට ගොස් තිබෙන බවට වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසිය කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
සිද්ධියට අදාළ පැමිණිල්ල මහ බැංකුවේ නිලධාරින් කිහිප දෙනෙකු විසින් ගොනුකර ඇති අතර රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බණ්ඩලයක් අස්ථානගත වූ බවට ප්‍රකාශ කර තිබේ.














































