පොළොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු අද (10) උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන අඹන්ගඟ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් ය.
මෙම සැකකරුවන් දිගු කලක සිට පොළොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලම්කඩුව ප්‍රදේශයට ඇතුළු වී නවාතැන්ගෙන පරිසරයට විශාල ලෙස හානි කරමින් විශාල වලවල් හාරා පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් බව සඳහන්.














































