නෝර්වුඩ් – පොට්ට්‍රි වතුයාය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නෝර්වුඩ් පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17,20 සහ 25 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මෙම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇප මත මුදවා හැර ඇති බවයි.














































