චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙත නොමිලයේ බෙදාදීමට ලබාදුන් භූමිතෙල් අදාළ ධීවරයින් වෙත ලබා දීම චීන තානාපති සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන් පානදුර ධීවර වරායේ දී අද (23) ආරම්භ වූ බව වාර්තා වේ.
මෙලෙස ධීවර පවුල් 27,000 කට මෙම භූමිතෙල් ලබා දීමට නියමිතව ඇති අතර චීන රජය විසින් ලබා දුන් භූමිතෙල් ලීටර් මිලියන හතර එක් ධීවරයෙක්ට ලීටර් 150 බැඟින් ලබා දීමට කටයුතු කරන බව සඳහන්.