සමාජ ආරක්ෂණ සහනාධාර ප්‍රතිලාභය ගන්නා දිළිඳු පවුල්වල දරුවන් සඳහා “ සිසු සැරිය “ ප්‍රවාහන සේවය නොමිලයේ ලබා දීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ජනමාධ්‍ය , ප්‍රවාහන , මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සිසු සැරිය ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා දරුවන් 70% ක සහණාධාර ගාස්තුවක් රජයෙන් ලබා දීමට කටයුතු කරන බවත් , ඉතිරි 30% ක මුදල දෙමාපියන් විසින් දැරිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































