පෙම්වතිය අමනාප වූවායැයි දුකට පත්ව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පමුණුගම , සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි .
පළමු විවාහයෙන් වෙන් වී සිටියදී මෙම සියදිවි හානි කර ගත් පුද්ගලයා තවත් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබේ. එම තරුණිය අමනාප වූ නිසා මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දුන්ගල්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි .














































