බස්නාහිර සහ දකුණු පළාත තුළ සිදුවන අපරාධ මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව වාර්තා වේ.
මෙතෙක් සිදු කළ මුර සංචාර , මාර්ග බාධක , ක්ෂණික ගැටලු ඇතුළු මෙහෙයුම් තවදුරටත් පැවැත්වීමට කටයුතු කරන බවත් , පසුගිය දින 11ක කාලය තුළ දකුණු පළාතෙන් කිසිදු වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා නොවූ බවත් , පසුගිය දිනවල වෙඩි තැබීම් රැසක් වාර්තා වූ අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවත් පොලිස් විශේෂ කාර්‍ය බලකායෙහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සඳහන් කර තිබේ.














































