හෙට (අප්‍රේල් 19) සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සඳහන් කරයි.
ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සංවිධානය කර තිබේ.
එදිනම මහජන අරගලයට සහාය පළ කරමින් කොළඹ දී විරෝධතා පා ගමනක් සංවිධානය කරන බව ද ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පවසයි.













































