වසර කිහිපයකින් නොපැවැත්වුණු ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල යළිත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව පැවැත්වීමටත් ජනපතිගේ උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ බව වාර්තා වේ.
මෙම සාහිත්‍ය උළෙලේ විවිධ කලාංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල , මාතර , අහංගම , හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) දින ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව සඳහන්.