කුරුඳු සහ පොල් වගාවක් තුළ සරුවට ගංජා වගා කළ පුද්ගලයෙක් ඊයේ (22) අඟුණකොලපැලැස්ස , කරගහවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
උස්වැව , කරගහවල වැව ආසන්නයේ තිබෙන ඉඩමක පොල් සහ කුරුඳු වගාවක් අතරේ අඩි 3ක් පමණ උසට සරුවට වැඩුණු ගංජා පැළ 2,327 ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 7 ග්‍රෑම් 800ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මොහු වෑකදවල ප්‍රදේශයේ පදිංචි අයෙකි,
සිද්ධිය සම්බන්ධයෙන් අඟඟුණකොලපැලැස්ස පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































