අර්ථසාධක කොල්ලය සහ කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ ඊයේ (19) කටුනායක ඇවරියවත්ත නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වේ .
අන්තර් සමාගම් සේවක සංගමය, වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකයේ, ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව එය සංවිධානය කර තිබූ බව සඳහන් වේ.














































