ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ට බිත්තර හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් විකල්ප ආහාරයක් ලෙස ලබාදෙන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මේ වන විට ත්‍රිපෝෂ ලබාදීම වසරක පමණ කාලයක් ඇන හිට තිබීම හේතුවෙන් මෙය දරුවන්ගේ වර්ධනයට බාධාවක් වන බැවින් යළි ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන තුරු බිත්තර,ධාන්‍ය වර්ගයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීම වැදගත් බවයි.
ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදීම සදහා සුදුසු බඩ ඉරිගු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ළදරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදීමට නොහැකි වූ බවට ත්‍රිපෝෂ සමාගම සදහන් කරයි.














































