English
සිංහල
03:42 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගොඩකවෙල පොලිස් නිලධාරීන් නඩු අසයි. OIC ගේ අණටත් ඉහළින් ගොස් අසෝභන ලෙස හැසිරෙයි.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සර්පයා නොදුටු ගොඩකවෙල පොලිස් පොඩ්ඩන් කාන්තාවකට පෙම් බදිති. දැරියන් දෙදෙනෙකු බලෙන් රැගෙන ගොස් සාමකාමී මිනිසෙකු කුපිත කරවයි!.

    ü අනාචාරි කාන්තාවකට පොලිස් නිලධාරීන් වහ වැටිලා!

    ü පොලිස් කාන්තාවක් නැතිව කාන්තාවක් රැගෙන එන්න ගිහින්!

    ü අනාචාරි කාන්තාවගේ අනාචාරි යාළුවන් විරුද්ධ වෙලා!.

    ü දෙවෙනි වර ඇවිත් දියණියන් බලෙන් රැගෙන යයි!.

    ü සාමකාමී මිනිසුන් කුපිත කරවලා!.

    ü දියණියන්ගේ පියාටත් 11 වසරේ දරුවෙකුටත් පහර දීලා!.

    ü පොලිස් නිලධාරීන් ස්ථානාධිපතිගේ අණට ඉහළින් ගිහින්!

    ü පොලිස් සැරයන් ඇතුළු කණ්ඩායමක් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති කෙටවීමකට සැලසුම්!

    ü අනාචාරි කාන්තාව හරහා තවත් කණ්ඩායමක් අමාරුවේ දැමීමට පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස්!

    ü මල්ලිට එරෙහිව අයියට සහ තාත්තාට ගේම දෙන්න පොලිස් මෙහෙයුමක්!.

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තෙම්න්තුව යනු රටේ මහජනතාවගේ සමීපතම ආයතනය වන අතර එය මේ වන විටත් දූෂණයෙන්, නීතිවිරෝධී කටයුතුවලින් ගහනව තිබෙන්නේ 30% ක් පමණ වන නිලධාරීන්ගේ දුෂිත කාර්‍යපටිපාටිය නිසාය. ඒ ආකාරයෙන් කටයුතු කරනා බොහෝ නිලධාරීන් ජිවත් වන්නේ පොලිස් නිල ඇඳුම යනු තමන්ට ඕනෑම දෙයක් කරගැනීමට ලබා දී තිබෙන ආභරණයක් බව සිතමිනි. නමුත් එම නිල ඇඳුම භාවිතා කළ යුත්තේ කෙසේද යන්න POLICE යන අකුරු වලම සඳහන් වේ. කෙසේ නමුත් සෑම පොලිස් ස්ථානයකම පාහේ තක්කඩින් සහ බලය ඇත්තෝ වන්නේ මෙම දුෂිත නිලධාරීන්ය. විනයක් නැති, විනයක් නොදත් පොලිස් නිලධාරීන් ගහන ගොඩකවෙල පොලිස් ස්ථානයේ සමහර නිලධාරීන්ගේ එක කතාවක් ඔබට ගෙන එන්නේ, මෙම නිලධාරීන් නිසා, කුමන ස්ථානාධිපතිවරයෙකු මෙම ස්ථානයේ ස්ථානාධිපති වුවත්, නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් ඉඩ නොදෙන නිසාවෙනි.

    අනියම් ප්‍රේම සබධතාවක් සැමියාගේ අතටම අසු වීමේ සිද්ධියක් මත සිදු වූ අනෙක් සිද්ධීන් විසදීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබියදී, ඔහුගේ උපදෙස්වලට පිටින් ගොස් ඇති වූ මෙම සිද්ධිය සිදුවන්නේ පසුගිය 17 වැනිදාය. කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ලැගුම් හලකදී හසු වී, ඉන් පසුව එම කාන්තාව නැවත නිවසට පැමිණීම නිසා ආරක්ෂාව ඉල්ලා සැමියා ගොඩකවෙල පොලිස් ස්ථානයට ගොස් තිබේ. එහිදී කුඩා දරුවන් දෙදෙනෙකු හවස 6 ට පමණ සිටිනු දුටු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ . එන් . විජේසිරි මහතා සිද්ධිය විමසා තිබේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේම ආරක්ෂාව වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අනාචාරයේ හැසිරුණු කාන්තාව පොලිස් ස්ථානයට රැගෙන එන ලෙස උපදෙස් ලබා දී තිබේ. එම අවස්ථාවේ පොලිස් ස්ථානය තුළ කුඩා ගැහැණු ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා රැඳී සිටි තිබේ.

    පසුව රාත්‍රී 7.30 ට පමණ ගොඩකවෙල පොලිසියේ ජංගම පොලිස් රථය මගයායේ අදාළ නිවසට පැමිණ කාන්තාව රැගෙන ඒමට කටයුතු කර තිබේ. එම අවස්ථාවේ දරුවන් දෙදෙනා මව සමඟ යාම ප්‍රතික්ෂේප කර තිබේ. එම කාන්තාව පොලිස් නිල රථයට ගොඩවීමට කටයුතු කරනා විට, අවට සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙකු පොලිසියට විරෝධය පලකරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ. ඉන් පසු එක් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ රැඳී සිට ජීප් රථය නැවත ගොඩකවෙල පොලිස් ස්ථානයට යන්නේ කාන්තාවක් රැගෙන ඒමටය. එහි රැඳී සිටි පොලිස් නිලධාරියා එම කාන්තාව සමඟ අසල තිබෙන කඩය වෙත ගොස් පැයක් පමණ එහි රැඳී සිටී. එම කඩය සහ සම්බන්ධ අය මෙම කාන්තාව සමඟ සමීප ඇසුරක් පවත්වන නමුත් එම ඉඩමේ පදිංචි අනෙක් අය සමඟ අමනාපයෙන් පසු වේ. ගොඩකවෙල පොලිස් ස්ථානයේ විවිධ නිලධාරීන් මෙම කඩය සමඟ සමීප සබඳතා පවත්වමින්, මීට අවුරුදු කිහිපයකට පෙරද මෙම ඉඩමේ පදිංචි පුද්ගලයන්ට විවිධ අකටයුතුකම් කර තිබේ. මෙම ඉඩමෙන් කොටසක් බලහත්කාරයෙන් මාර්ග සංවර්ධනයකට අරගැනීම නිසා එයට විරෝධය පා ගොඩකවෙල පොලිස් ස්ථානයට කර ඇති පැමිණිලි 12 ක් පමණ විභාග කිරීමට තවමත් කටයුතු කර නැත. එම පැමිණිලිවල ගම්වාසී පුද්ගලයන් 7 දෙනෙකුගේ ද නම් සඳහන් කර තිබේ.

    පැයකට පමණ පසුව (රාත්‍රී 08.32 හෝ ආසන්න වේලාවක) තවත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු සමඟ කාන්තාවක් පැමිණ අදාළ කඩය ළග පොලිස් රථය නවත්වා, නිලධාරීන් කිහිප දෙදෙනෙකු දරුවන් රැගෙන යාමට පැමිණේ. එම අවස්ථාවේ දරුවන් දෙදෙනා අසල නිවසක ආහාර ගනිමින් සිටියේ, එම නිවසේ පැවති උපන්දින සාදකයකදීය. එම නිවසේ ගේට්ටුව අසලට පැමිණෙන පොලිස් සැරයන්වරයා දරුවන් ඉල්ලන්නේ පියාගෙනි. එක දියණියක් පියා සමඟ ගේට්ටුව ළඟට පැමිණෙන අතර අනෙක් දියණිය මොහොතකින් පැමිණෙන්නේ බත් පිඟානක් සමඟ ආහාර ලබාගනිමිනි. එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා බොහෝ දේ ප්‍රකාශකරමින් අනාචාරි කාන්තාවගේ සැමියා සමඟ ආරවුලක් ඇති කරගනී. පොලිස් ස්ථානාධිපතිවරයා දරුවන් රැගෙන ඒමට උපදෙස් නොදුන් බව රාත්‍රී 12.30 ට පමණ අදාළ සැරයන්වරයා පිළිගත්තේය. එම ආරවුල ඇතිකර ගැනීමත් සමඟ එම ස්ථානයේ සිටි බීමත් මිනිසුන් සහ එම පවුල සමඟ අමනාපයෙන් සිටින පුද්ගලයන් ද පොලිස් නිලධාරීන්ගේ පැත්ත ගන්නේ සැලසුම් සහගත ලෙසය. මෙම ආරවුල පොලිස් නිලධාරීන් සහ අසල්වැසි කිහිප දෙනෙකු එක්ව සැලසුම් සහගතව සිඳු කළ බවට තිබෙන හොඳම සාක්ෂිය වන්නේ, අනාචාරී කාන්තාවගේ ඉඩමේ පදිංචි අනෙකුත් පිරිස් සමඟ අමනාප අසල කඩය අසල අවස්ථා කිහිපයකදීම පොලිස් නිල ජංගම රථය නවතා තිබීමය. කාන්තාවක් රැගෙන යාමට කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව පැමිණි පොලිස් රථය නතරකරනුයේ ද එම කඩය ඉදිරිපිටය. එම කඩය පිහිටා තිබෙන්නේ අනාචාරි කාන්තාවගේ නිවසේ සිට අඩි 200 ක් පමණ වන්නට දුරිනි.

    පොලීසිය ඇතිකරගත් මෙම ආරවුල මෙම ඉඩමේ පදිංචිකරුවන් සමග අමනාප සියලුම දෙනා එක්ව උපක්‍රමශිලිව ඇතිකළ බවට වීඩියෝ සාක්ෂි අප සතුව තිබේ. ඊට අමතරව දුරකථනය මාර්ගයෙන් එම අවස්ථාවේ සිදු කළ පටිගතකිරීම් ද තිබේ. ඊටත් අමතරව මේ පිළිබදව ස්වාධීන වාචික සාක්ෂි ගණනාවක් ද අප ලබාගෙන තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් අසභ්‍ය වචනයෙන් බැන වදින්නේද මිනිසුන් 150 ක් 200 ක් සිටියදීය. දරුවන් බලහත්කාරයෙන් රැගෙන යාමට අවශ්‍ය සියලුම කටයුතු සකසන පොලිස් නිලධාරීන්, එම පියාට පහරදෙන්නේ ද එම කඩය ළගදීය. එහිදී ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙකුට ද පොලීසිය පහර දෙන අයුරු ද පැහැදිලිවම වීඩියෝ දර්ශනවල දැක්වේ.

    මේ සියලුම සිද්ධීන් එකට එකතු කරගත් අප ආයතනයේ මාධ්‍යවේදියෙකු මෙන්ම ආයතනයේ හිමිකරුවන වන ජී. පී. නිශ්ශංක නොහොත් ශ්‍රී නිශ්ශංක මායදුන්න මහතා එම අවස්ථාවේම ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණෙන්නේ එම නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීමටය. ඒ එසේ පොලීසිය මඟින් පහරකෑමට ලක් වූ පාසල් දරුවා ඔහුගේ දරුවා වන බැවිනි. දරුවා රෝහල් ගතකිරීමට කටයුතු කරන විට පොලිස් ස්ථානාධිපතිගේ යම් ඉල්ලීමකට ඇහුන්කන් දෙමින් එසේ නොකර දරුවාට පහර දීමට අදාළ සිද්ධිය සමථයකට පත්කරගනුයේ රාත්‍රී 12.30 ට පමණය. අනාචාරි කාන්තාවගේ සැමියා විසින් ද අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව එම අවස්ථාවේම පොලිස් ස්ථානය තුළ පැමිණිලක් යොදන ලදී. එම පැමිණිල්ල ලියා අවසන් වන තෙක්ම එහි සිටි, සිද්ධියට සම්බන්ධ එක පොලිස් නිලධාරියෙකු බැනවදින බවද ස්වාධීන මාධ්‍යකරුවන් ලෙස අප පැහැදිලිවම දර්ශනය කරගන්නා ලදී. ඔවුන් කවුරුන්ද යන්න සහ ඔවුන්ගේ සේවා අංකද අප සතුව තිබේ.

    මෙම ලිපිය අප ඉදිරිපත් කරනුයේ පොලිස් ස්ථානාධිපතිගේ උපදේශවලට පටහැනිව ගොස් ඔවුන් මේ සිඳු කළ ක්‍රියාවන් වැනි ක්‍රියාවලින් සිය ගණනක් එක දිනකට ශ්‍රී ලංකාව තුළ සිඳු වන බැවිනි. පොලිසිය පහරදුන් 11 වසරේ දරුවාටද පොලිස් ස්ථානය තුළදී එක්තරා පොලිස් නිලධාරියෙකු එල්ල කළ චෝදනා අප දුටුවෙමු. ඔහු අප ආයතනයේ හිමිකරුවාගේ පුතා නොවන්නට අපරාධකරුවෙකු බවට පත්කිරීමට පොලීසිය කටයුතු කරන්නේ මගයාය නමැති ගම්මානයේ සිටින සමහර දූෂිත, අනාචාරීන් සහ අනාචාරි කාන්තාවන්ට අවශ්‍ය ආකාරයටය.

    මේ කතාවේ තව බොහෝ දේ තිබේ. නමුත් අවශ්‍ය කාරණා පමණක් අප ගෙනහැර දක්වන්නේ ආයතන හිමිකරුගෙන් අප කළ ඉල්ලීමකට අනුව ලැබුණු අවසරය මතය. මේ වන විට ගොඩකවෙල පොලිස් ස්ථානය තුළ අප ආයතන හිමිකරුට එරෙහිව එක කණ්ඩායමක් පෙළගැසී තිබෙන්නේ ගේමකටය. එම ගේමේ එක කොටසක් වන්නේ අදාළ අනාචාරී කාන්තාව සමඟ හිතවත්ව ගේමක් දීමය. පොලිස් නිලධාරීන්ගේ සහ අනෙක් කණ්ඩායම්වලට අවශ්‍ය දේ කරගැනීමට නොහැකි වුයේ නිශ්ශංක මහතාගේ සාධාරණ මැදිහත්වීම මතය. ඉන් පොලිස් නිලධාරීන්ගේ පහත් , නින්ධිත ක්‍රියාවලිය අනාවරණය විය. අනෙක් ගේම නම් පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති සමඟ ආරවුලක් ඇතිකරවීමය. ඉන් අවස්ථා දෙකක් ඉටුකරගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ. ඒවා නම් අපරාධ අංශ ස්ථානාධිපතිට සහ ස්ථානාධිපතිටද ගේමක් දීමය. ඒ අතර මගයාය ගම්මානයේ සිටින නිශ්ශංක මහතා හා අමනාප පුද්ගලයන් සමඟ එක්ව ඔහුව අපරාධයකට කොටුකර ගැනීමේ මෙහෙයුමය. එය ගිනි අවියක් ඉඩමට හෝ නිවසට ගෙනවිත් දැමීම, කුඩු හෝ තහනම් මත්ද්‍රවය ඉඩමට හෝ නිවසට දැමීමක්ද විය හැකිය. එය නිශ්ශංක මහතාට හෝ ඔහුගේ මහගෙදර වෙනත් කෙනෙකුට හෝ එරෙහිව සිඳුවිය හැකි බවට මේ වන විටත් අපට සාක්ෂි ලැබී තිබේ. එහි එක පියවරක් ලෙස අනාචාරි කාන්තාව නුදුරේදීම සහකාර පොලිස් අධිකාරිය ඉදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් වීමට නියමිතය. එයට උපදෙස් දෙන්නේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකි.

    මේ සියල්ලටම හේතුව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නීතිවිරෝධී ක්‍රියාවන්ය. ගමක මිනිසුන් කියනා කේලාම් අසන්නේ සහ ඒවාට අනුව කටයුතු කරනුයේ වැඩ බැරි පොලිස් නිලධාරීන්ය. මේ සිද්ධියට සම්බන්ධ අයවලුන්ට එරෙහිව තිබෙන සියලුම වීඩියෝ සාක්ෂි එළියට දැම්මේ නම් පොලිස් නිලධාරීනේගේ පැටිකිරිය රටටම බලාගැනීමට හැකිය. එහෙත් එසේ නොකිරීම නිසා, මෙම පොලිස් නිලධාරීන් අමුතු ගේමකට අර අදින බව පැහැදිලිය. එදිනම ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නම් විෂ ඝෝර සර්පයන් ඉවත් කිරීමට උසස් පොලිස් නිලධාරීන්ට ඕනා තරම් ඉඩ හසර තිබුණි. එසේ නොකිරීම නිවට කමක් නොවන අතර, අප ආයතන හිමිකරු මානවවාදී ලෙස කටයුතු කරන්නෙකි. කෙසේ නමුත් මෙම සිද්ධිය සිදුවන්නේ ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිගේ වරදින් නොවේ. ස්ථානාධිපතිගේ අණට ඉහළින් ක්‍රියාත්මක වී, කාන්තාවන්ට ලොල් බැදී, කේලමට ඇහුන්කන් දුන්, ශරීරය හෝ, මොලය නැති මන්දබුද්ධික කමටත් එහා ගිය තුච්ඡ නිලධාරීන් කිහිපදෙනෙකු විසිනි. ස්ථානාධිපතිගේ අණට කීකරු නොවන පොලිස් නිලධාරීන් තව දුරටත් තබා ගන්නේද, දඬුවම් දෙන්නේද, රාජකාරි වැඩ තහනම් කරන්නේද?. අපරාධ චෝදනා ගොනු කරන්නේද?. ඔව් ඒවා එසේම විය යුතුය. එසේ නොවන්නේ නම් කිසිම දිනයක ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට යහපත උදා නොවනු ඇත

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version