මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බවට වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 154,500 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ සඳුදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,300ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රු. 169,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 167,000 ක් දක්වා පහත වැටී ඇති බවට කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.