මෙම මස 28 වැනි බදාදා පස්වරු 5ට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන නිසාවෙන් මේ මාසයේ අවසන් සතියේ දී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බවටත් , ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට විදෙස්ගත වීමද තහනම් කර ඇති බවටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්‍යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන්.














































