අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ සහ පතරොම් තොගයක් අරණායක පොලිසිය විසින් සොයා ගත් බව වාර්තා වේ.
මෙලෙස සොයා ගෙන ඇත්තේ විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ අසූ දෙකක් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.