මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නන් වඩාත් කල්පනාකාරී වන ලෙසට ජල සම්පත් මණ්ඩලය දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා සඳහන් කළේ, භූගත ජලය භාවිත කිරීමේ දී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කර ගන්නා ලෙසයි.
එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි.
භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල සාම්පල පරීක්ෂා කරගත හැකි බව සදහන්.














































