අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල ව්‍යාජ සහතික ඉදිරිපත් කොට මුලතිව් ප්‍රදේශයේ පාසලක වසර තුනක් සේවය කළ ගුරුවරයෙකු යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මොහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙක් වන අතර අදාළ ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් ප්‍රදේශයේ පාසලක ස්වෙච්ඡා ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා දී තිබේ. එමෙන්ම 2019 වර්ෂයේ දී ස්වෙච්ඡා ගුරුවරු ස්ථීර කිරීමේ දී මොහුට ද ගුරුසේවයේ 3 වන පන්තියට අදාළව ස්ථීර පත්වීමක් ද ලැබී තිබේ.
2023 වර්ෂයේ දී ඔහුගේ ඊළඟ උසස්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික පත්‍ර පරීක්ෂා කිරීමේදී අදාළ ගුරුවරයා විසින් ඉදිරිපත් කරන ලද සහතික ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් පසුව උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ බව යාපනය පොලීසියේ අපරාධ හා වංචා විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලට අනුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහුට සහතික ව්‍යාජ ලෙස සකසා දුන් පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව යාපනය පොලීසිය විසින් ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ.














































