හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද , කුකුළු මස් කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය.
මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් , රජය මඟින් බිත්තර මිල පාලනයකට යටත් කර තිබුනද එම පාලන මිලට මෙම ප්‍රදේශයේ බිත්තර සොයා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්ත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුළු මස් වෙළඳසැල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ බිත්තර හා කුකුළු මස් තොග මිල ගණන් ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වයන් උදාවි ඇති බවයි.