වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇති බව වාර්තා වේ.
පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ මූලික ප්‍රතිකාර ලබාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලට රාත්‍රී 10.00 පමණ පැමිණි තිදෙනකු නේවාසික ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට යෑමට ඉඩ දෙන ලෙස රාත්‍රී රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බවට පොලීසිය පවසයි.
අවේලාවේ රෝගීන් බැලීමට යෑමට ඉඩ දිය නොහැකි බවට වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම එම සැකකරුවන් සහ වෛද්‍යවරයා අතර බහින් බස් වීමක් ඇති වී පහර දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.














































