බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින් ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ පදිංචිව සිටී කොග්ගල ආරච්ච්ගේ රම්‍ය කුමාර නමැති 42 හැව්රිදි පුද්ගලයෙකි.
මොහු බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ දී බස් රථයෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.














































