ගුරුවරයකුට පහර දුන් පුද්ගලයින් දෙදෙනකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කර තිබේ.
ශිෂ්‍යනායකකම තම ඥාති පුත්‍රයාට ලබා නොදුන් බවට උරණ වූ මෙම දෙදෙනා රජවැල්ල දෙමළ මහා විද්‍යාලයේ විනයභාර ගුරුවරයාට මෙලෙස පහර දී තිබෙන බව මැණික්හින්න පොලීසිය පවසයි.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන මැණික්හින්න පොලීසිය විසින් සිදු කරනු ලබයි .