සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා අතර මෙම ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කරන නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවල ජීවිත තර්ජනයකට ලක්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රෝහල්වල පවතින ගැටළු නිසා රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් ,වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග ගැටෙන්නට යාම නිසා මෙලෙස ජීවිත අවදානමකට ලක්ව ඇති බව සදහන්.
කෙසේවෙතත් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් වෛද්‍යවරුන්ට නොමැති බවට හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබේ.














































