රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22) රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන් .
රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කරන ලද්දේ ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.














































