මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට මෙන්ම කාසල්රි ජලාශය අවට ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්ත්වය නිමාවට පත් කරමින් අද (12) දින සවස් කාලයේ දී වැසි පතිතවීම ආරම්භව ඇති බව වාර්තා වේ .
ඒ අනුව අද (12) පස්වරු 2.30 ට පමණ වැසි වැසීම ආරම්භ වූ අතර එම වැසි තත්ත්වයන් පැයක පමණ පැවතී තිබේ. මෙම වැසි ආරම්භ වීමත් සමඟ ප්‍රදේශය තුළ මද සීතල තත්ත්වයක් ද පවතින බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති.














































