සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී විරෝධතාකරුවෝ ඉදිරිපත් කර ඇති බව සදහන්.














































