එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු සඳහන් කරන්නේ ඉදිරියේදී මෙරට උද්ධමනය 5%ක මට්ටමේ රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකඟතාවයකට පිවිසි බවත් , එය තීරණය කර ඇත්තේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව බවත් ය.














































