මෙරට පිරිමින්ගෙන් 62% කට සහ කාන්තාවන්ගෙන් 48.1% කට අධිරුධිර පීඩනය බවට අනාවරණය වේ.
ලෝක අධිරුධිර පීඩන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරේ ස්ටෙප්ස් සමීක්ෂණයට අනුව මෙම දත්ත වාර්තා වූ බවයි.
දැඩි හිසරදය ,පපුවේ වේදනාව ,හුස්ම ගැනීමේ අපහසුතාවය ,ඔක්කාරය ,වමනය, බොදවී පෙනීම,අධි රුධිර පීඩනයෙහි රෝග ලක්ෂණ වේ.
වයස අවුරුදු තිස්පහට වැඩි ඕනෑම පුද්ගලයකුට දිවයින පුරා ඇති රජයේ රෝහල් දහසකට අධික සංඛ්‍යාවක පිහිටුවා ඇති ‘සුව දිවි’ මධ්‍යස්ථානවලින් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමට හැකි බව සදහන්.
අධිරුධිර පීඩනය ලොව පුරා වාර්තාවන හෘද , රුධිරවාහිනි සහ අකල් මරණවලට හේතු වී තිබේ.














































