කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා සත්ත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
කිරි ගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට ද වාර්තා වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ දැනට ක්‍රියාත්මක සත්ත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ වරද සදහා සිර දඬුවම් පැනවීමක් ගැන සඳහන් නොවන බවත් , මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුලත් කර සත්ත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් ය .