ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් පාසල් සිසුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.
පහර කෑ පානදුර ජනප්‍රිය පාසලක සිසුන් දෙදෙනෙකු පානදුර මූලික රෝහලට යොමුකර ඇති බවට රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.
සිසුන් දෙදෙනා අද (21) පාසල නිමවා පින්වත්ත පිරිවෙන පාරේ යමින් සිටියදී සැකකරුවන් පැමිණ පහරදී ඇති බවත් , හිසට , ඇසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට එල්ලවූ පහරදීම් වලින් පසු රෝහල් ගතකර ඇති බවත් පොලීසිය පවසයි.














































