චිත්‍රපට නිෂ්පාදනයේ දී ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ඒවා බෙදාහරින නව තාක්ෂණික නිමැවුම්කරුවන් වෙත ලැබෙන බව ප්‍රකාශ කරමින් වසර 40 කට පසුව හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සූදානම් වන බව වාර්තා වේ.
මෙම වර්ජනය සඳහා එක්ලක්ෂ හැට දහසකට අධික පිරිසක් එක්වීමට නියමිත බවත් , නළු නිළියන් , හඬ කැවීමේ ශිල්පීන් , කැමරා ශිල්පීන් සහ පිටපත් රචකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් එක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ලාභාංශය සමානව බෙදී යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් , හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සඳහා කෘතීම බුද්ධිය යොදා ගැනීමට විරෝධය පළ කරන බවත් රංගන ශිල්පීන්ගේ සංගමය සඳහන් කර තිබේ.