මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීම සඳහා සිය නිවසේ භාණ්ඩ සොරාගත් 24 හැවිරිදි තරුණයකු ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
නිවසේ භාණ්ඩ සිය පුතා විසින් සොරකම් කර ඇති බවට පියා විසින් සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු වූ භාණ්ඩ විවිධ ස්ථානවලට උකස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .














































