දෙහිවල සත්වෝද්‍යානයේදී සිදුවූ අනතුරකින් එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවූ උපුල් සෙනරත් මහතාය.
අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි සත්ව රෝහල අසලදීය.
සත්ව රෝහල ඉදිරිපිට තිබූ දැවැන්ත ගසක් කඩාවැටී ඇති අතර එය විදුලි කණුවක ගැටීමෙන් එයද කඩා වැටී ඇති බව සදහන්.
එම සිදුවීම වන අවස්ථාවේ සිය දිවා ආහාරය රැගෙන යමින් සිටි එම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මතට මෙම විදුලි කණුව කඩාවැටී ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
එහිදී අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.














































